අත්දැකීම් හොදම ගුරුවරයා කියල ඉස්සර කිව්වට, අද වෙද්දී තමන්ගේ අත්දැකීමෙන් දෙයක් ඉගෙන ගනිද්දී ඒ දෙයින් වෙන පාඩුව සමහරවිට ආයිත් හදාගන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා හොදම දේ තමන්ගේ අත්දැකීම් වලින් දෙයක් ඉගෙන ගන්න ඉන්නවට වඩා අනිත් අය මේ වෙද්දී අත් දැකල තියෙන දේවල් දිහා බලල ඉගෙන ගන්න එක,
ඒකට හොදම මාර්ගේ පොත් කියවන එක, මොකද එතැනදී අපි ජීවිත ගණනාවක් දිහා විවිධ කෝණ වලින් දකින්න පුරුදු වෙනවා. ඒ දේවල් දැකල තමන්ගේ සැබෑ ජීවිතේ මුහුණ දෙන්න වෙන අවස්ථා වලට ඒවා ආදේශ කරගත්තොත් අපිට වෙන්න තියෙන අත්වැරදීම් සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙයි.
ඒ නිසා ජීවිතේ දිනන්න පුංචිම හරි බලාපොරොත්තුවක් තියෙනවනම් ඔයාගේ පොත් කියවීම වැඩි කරන්න, මේ වෙද්දී කියවන්නේ නැත්තන් අදම පටන් ගන්න, ජීවිතේ හරි වේගෙන් වෙනස් වෙන්න පටන් ගනියි.