යාලුවනේ ,
ලස්සන කෙටි කතාවක්.. මගෙ මුල්ම නිර්මාණය ....කියවලා බලල කියන්න කොහොමද කියලා ...😊
මොකද මැට්ටෝ කල්පනා කරන්නෙ ...ම්ම්ම්ම් ඔතනට වෙලා කල්පනා කර කර ඉන්න නෙමෙයි මගෙ සුදු මහත්තයො මං බබාව ලෑස්ති කරන්නම් ඔයා අද වැඩට යන්නෙ නෑ කිව්වා නේද අනේ පැටියව ස්කෝලෙට දානවද ...මට අද වැඩ ගොඩයී...
ම්ම්ම් හාද ....
හරි මැට්ටියේ මං දාන්නම්...මගෙ හොද මැට්ටා...උම්ම්ම්ම්ම්ම්ම්හ්හ්..හී.... මගෙ කම්මුල ආදරෙන් සිප ගත්තු ඉශී හනිකට ගෙට ගියා...
ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්..ආදරේ කරන අය වෙන් වෙද්දි ...ඒ ආදරේ හින්දම විදවද්දි..ජීවිත වැනසෙද්දි ..තවත් සමහරු ආදරේ හින්දා සැනසෙනවා...හිනැහෙනවා.. මමත් ඒ වගේ..ඒ ආදරේ හින්දා හිනැහෙනවා ...ජීවිතේ විදිනවා ... ඒ හැමදේම මට ලැබුනේ...මගෙ ඉශූ හින්දා ...ඒ තමා මගෙ පන.. මගෙ සතුටෙ උරුමක්කාරී..
………… ජීවිතේ ඔහේ ගලාගෙන යනවා.තනිකම පාලුව රජ කරපු මගෙ ලෝකෙට සතුට සැනසුම අරන් ලස්සන පුංචි සුරන්ගනාවියක් එනවා .ඒ තමා මගෙ ඉශිනි..
ඒ පුංචි සුරන්ගනාවි මට ඉස්සරලාම මුණ ගැහෙන්නෙ කුලියාපිටියේ ටෙක් එකේදි..ඒ ඉංග්‍රීසි කෝස් එකේදි ..ඇ/ළ් කරලා ගෙදරට වෙල හිටපු මං ටෙක් එකට ගියෙ මගෙ කැමැත්තට නොවුනත් අම්මාගෙ බලවත් ඉල්ලීම නිසයි.ඉල්ලීම කිව්වට ඉතින් ඉල්ලීමම්ත් නෙමෙයි...කොච්චරවත් කියවන එකෙන් බේරෙන්න...
…………බස් එකෙන් ගිහින් බැස්සා විතරයි ..කොහේදො නැති වැස්සක් වහින්න ගත්තා.
" ශික් මේ වැස්සත් මේ වෙලාවටම ..කුඩයක් වත් ගෙනාවෙ නෑ..."ඉක්මනට නොතෙමී ඉන්න කියලා අයිනකට රිංගගත්තෙ වැහි දෙයියන්ගෙ ගුණ සිහි කරමින් ..😂
.... මේ වැස්සත්මේ වෙලාවටම පටන් ගත්තනෙ.ශිට්..තෙමුනත් එක්ක.."
....."අනේ අයියෙ චුට්ටක් එහාට වෙනවාද "
හෑ මොකක්ද .. .. ඒ ලස්සන ඇස් ඉස්සරලාම මට ගැහෙන්නෙ ඒ වෙලාවෙ...ඒ ඇස් අස්සෙ මං අතරමං උනේ මටත් නොදැනීම ...
..."අයියෙ කන් ඇහෙන්නෙ නැද්ද ..මාව තෙමෙනවා ."
.මං පුල් සප් එක දීලා හදවතින්ම ඉඩ දුන්නා..
තෑන්ක්ස් අයියේ..ම්ම්ම් කමක් නෑ නංගී ... හොදටම තෙමුනා නේද ..ඔව් අයියෙ මේ කොහෙද නැති වැස්සක් නෙ මේ කඩන් පාත් උනේ..කුඩයක් ගත්තෙත් නෑ ...ඉංග්‍රීසි කෝස් එකටද ආවෙ අයියෙ..
ආ ඔව් නංගී ...ඔයත් ඒකටද ආවෙ.. ඔව් අයියෙ.. එහෙනම් පට්ටනේ ...මොකක්ද අයියෙ...නෑ නෑ මොකුත් නෑ නංගී ...
කොහොම හරි ඉන්ටව් එකේදි මාව තේරුනා..
ආ නංගී ..මොකෝ උනේ...හරිද..ඔව් අයියේ...
ඔයා...මාත් හරි නංගි ...ම්ම්ම්...මං යනවා අයියෙ..බායි..අනේ යන්න එපා තව ටිකක් ඉන්නකෝ...මගෙ හිත එහෙම කියද්දි මං හිත හදාගෙන ...
......." බායි නංගී ..
මුලින් අම්මගෙ කැමැත්තට ගියාට මං දැන් යන්නෙ නම් මගෙ බලවත් කැමැත්තටමයි.ඒ ඉගෙන ගන්නම නෙමෙයි ..අර අහිංසක ලස්සන ඇස් දෙකයි මූනයි බලලා උදේට එයාගෙ හිනාවෙන් සංග්‍රහ වෙන්න...
කාලය වේගෙන් ගෙවිලා යනවා...දැන් නම් දකින්නෙ නැතුව ඉන්නම බෑ...හැමෝටම කලින් උදේන්ම මං දැන් පංතියට යන්නෙ ඒ අහිංසක මූන දැක ගන්න බලාපොරොත්තුවෙන් ....
````…………… ඈ බන් පුතේ .මෙ උබට අසනීපයක් එහෙම නෑ නේ.. හෑ... ඇයි අම්මා එහෙම ඇහුවෙ.. නැ මේ..මගෙ බලේට ගිය කොල්ලානේද මේ දැන් උදේ පාන්දරම ලෑස්ති වෙලා යන්නෙ..
.... එහෙම තමා අම්මෙ ඉගෙන ගන්නකොට කැපවීම තියෙන්න එපායැ ...හී.. ආ එහෙමද පුතේ.. මං හොයා ගන්නම්කො...ඔය කැපවෙන්නෙ මොනාටද කියලා ... හී...හා අම්මෙ.. 😁
ඒ මූන දැන් තව තවත් මට ලං වෙලා.හිතට එකගව කිව්වොත්..මං හිතන්නෙ මං එයාට ආදරේ කරනවා.. මතක් වෙන්නෙම ඒ මුනමයි..ඒ හිනාව ඒ ඇස්..මාව පිස්සු වට්ටනවා. ...දවසින් දවස එයා ගැන තිබ්බ මගෙ ආදරේ අඩුවක් නම් උනේ නෑ ..වැඩි උනා මිසක්...
ඒත් මං එයාට කියන්න ගියෙ නෑ මේ දේවල්...එයා මං ගැන මොනවා හිතයිද...මං ටිකක් බය උනා... ඒ හින්දා කියන්න ගියෙ නෑ...ඉවසලා හිටියා දවසක හැමදේම කියනකන්...
........... ඒ දවස ආවා..ඒදා ලස්සන දවසක්..බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉශිනිව හම්බෙලා මගෙ හිතේ තියන හැමදේම කිව්වා...කෙල්ල මුකුත් කිව්වෙ නෑ.. අහක බලාගෙන හිටියා .මං බය උනා අන්තිමට මෙයා මොනා කරයිද කියලා ..නිකමට වගේ අත් දෙක දිහා බැලුනා..
අම්බේ කදුරට කුඩයක් අතේ..😨 වැදුනොත් උඩරට තමා... පරිස්සමින් පුතේ ..
ඒත් එයා මුකුත් කිව්වෙ නෑ ...අහගෙන ඉදලා යන්න ගියා...මට මාර අවුල් ......
"පිස්සා..වැඩේ කෑවා තෝ... "
ගෙදර යනකන් මං ගියෙ මටම බැන බැන...
.. ... පහුවදා එයා ආවෙත් නෑ....යාලුවෙක්ගෙන් ඇහුවාම ඒත් දන්නෑ..මට මාර අවුල් .. ඊයේ කියපු දේවල් හින්දාවත් ද ආවෙ නැත්තෙ ..ඊට පහුවදා මං ටෙක් ගියෙ නෑ...යන්න තරම් හිතක් තිබ්බෙ නෑ...මුලු දවසම ඇද උඩට වෙලා වහලෙ දිහා බලාගෙන කල්පනා කර කර හිටියා..
......" මොනාද බන් ඔය උඩ බලාගෙන කරන්නෙ ..වහලෙ පරාල ගනන් කරනවාද .....මොකෝ..." නෑ අම්මෙ නිකන් ...
පහුවෙනිද මං උදේම පංතියට ගියේ ඒ ලස්සන හිනාව අදවත් මට දකින්න ලැබෙයි කියලා හිතාන..එයා ආවා එදා..
වෙනදටත් වඩා මං එක්ක හිනා උනා... හරි අමුතුයි...අනේ මංදා ....මේ කෙල්ලට මොනා වෙලාද ... හවස යන්න යද්දි කතා කරන්න බැලුවත් එයා හිටියෙ නෑ... මාත් දුකින් ආපහු හැරිලා යන්න යද්දි මේන් මෙයා ගේට්ටුව ලග ඉන්නවා ...
"හප්පා..දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ ..."
ඈ මොකක්ද මොකක්ද ....හී මොකුත් නෑ නංගි 😊..ආ මට ඒක ඇහුන මැට්ටො හරිද... ඇයි ඊයේ ආවේ නැත්තෙ..ආ...එන්න බෑ කියලා හිතුනා...ඒකයි..අපෝ..කම්මැලියා...ඇයි ඔයා එදා ආවෙ නැත්තෙ .... හවස ගමනක් ගියා අයියෙ ...එන්න රෑ උනා... ඉතින් බෑ කියලා හිතුනා... අනේ දැන් මං විතරද එතකොට කම්මැලි ...කම්මැලි රැජිනක් නේ...හී..අනේ යනවා මෝඩයා....හරි හරි ඉතින් ...
..... " නංගී මං එද කිව්වෙ ..,ඒකට තරහයි ද ඔයා.."
...'.අනේ නෑ අයියෙ ..මං ගෙදර ගිහින් හොදට හිතලා බැලුව..ඔයා කියපු දේට උත්තරේ තමයි ...ඔව් මං කැමතියි අයියේ... මං ඔයාට කැමති සුදු අයියෙ .'''...
මට ඒ වෙලෙ දැනුන සතුට කියා ගන්න බෑ..මට හයියෙන් කෑ ගහලා හිනා වෙන්න හිතුනා... පිස්සු වගේ...
ආදරෙයි නංගී හැමදාමත් ...මගෙ ලගින්ම ඉන්න...හැමදාමත් මං ඔයාගෙ අයියේ...
..... අපේ ආදර කතාව පටන් ගත්තෙ ඒ විදිහට...අපි ගොඩාක්ක් ආදරෙන් හිටියා..මගෙ සතුට ගැන විතරමයි එයා හිතුවෙ..මට ආදරේ කරේ මහ පුදුම විදිට... එයා ලග මං වෙනුවෙන් තිබ්බෙ මහ ගොඩක් ආදරේ විතරමයි .... මාත් මේ පිස්සු කෙල්ලට ආදරේ ගොඩක් ...මොහොතක්වත් නෑ අපෙ ආදරේ අඩුවක් .... ..
මැට්ටො ...ම්ම්....ඔයා මට කොච්චරක් ආදරේ ද...ම්ම්ම්ම්..මම ද ..අපෝ චුට්ටක්වත් නෑ අනේ..ඔවා කවුද ... 😂
ඈ මොකක්ද කිව්වෙ මැට්ටෝ...
.....ආව්...ආව්ව්.. මගෙ කන අතාරිනවා...රිදෙනවා මැට්ටියේ ..
රිදෙනවා නෙමෙයි කන ඉරනවා අද මං ... ආව් රිදෙනවා සත්තලන් ...අතාරින්නකෝ මගෙ හොද මැට්ටිනේ....
...බෑ මට කොච්චර ආදරෙයි ද කියලා කියනකන් මං අතාරින්නේ නෑ නෑමයී ..
හරි මං කියන්නම්කෝ...දැන් අතාරින්නකෝ..ම්ම්ම්....හම්මේ...චන්ඩි රැජිණ මගෙ... තව ටිකෙන් මගෙ කන ඉවරයි ...තාමත් රිදෙනවා ..ආව්....
දන්නවා ද මගෙ මැණිකේ මං ඔයාට කොච්චර ආදරේ ද කියලා ...ඒක මෙච්චරයි කියලා මටවත් කියන්න තේරෙන්නෑ මැණික ..මේ අහස තරම් .. අර පේන මුහුදු තරම්..මං ඔයාට ගොඩක්ක්ක් ගොඩක්ක්ක් ආදරෙයි මගෙ මැට්ටියේ ...
... ඔය ඇත්තමද "...
"..ඔව් මගෙ වස්තුවේ ..ආදරෙයි ගොඩක්ක්ක් ..උම්ම්ම්ම්ම්ම්හ්හ් 😘
මාත් මැට්ටෝ .ආදරෙයි ගොඩක්ක්ක් ...උම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ් 😘
මේ වගේ පුංචි පුංචි රන්ඩු හැමදාම ...ඒත් අපේ ආදරේ නම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ. දවසින් දවස අපේ ආදරේ තවත් වැඩි උනා මිසක් ....එයාගෙයි මගෙයි පිස්සු වැඩ....ආදරේ පිරුණු වචන....මගේ ජීවිතේ සතුටින් පිරෙව්වා...අපේ ආදරේ තව තවත් වැඩි කරා....
...කොහොමහරි අපි දෙන්නම කැම්පස් තේරුනා ....කැම්පස් ජීවිතේ අවුරුදු 4 ම අපේ ආදරේ මැද්දෙ ආදරණීයව ඉක්මනින් ගෙවිලා ගියා...
.............දැන් අපි දෙන්නම රජයේ පාසලක ගුරුවරු ..එයා නැටුම් ගුරුවරියක්..මං චිත්‍ර ගුරුවරයෙක්......
....ලස්සනම දේ කියන්නේ අපි දෙන්නම ඉන්නෙ එකම පාසලේ ...දැන් අපේ ගෙවල්වලිනුත් අපේ ආදරේ ගැන දන්නවා ....
....." මං හිතුවා කැපවෙලා වැඩ කරනකොට... කොල්ලාගෙ වැඩ ගැන... කෙල්ල හරි සිරියාවන්ත පාටයි බන් .... හොද ගති ගුණ තියෙන්නේ ..හොද කෙල්ලෙක් ...නැති කර ගන්න එපා පුතේ ...."... අප්පාට සිරි මේ බලකො මුගෙ ලැජ්ජාව ..හම්මේ පැනි හිනාව.. "
.....අනේ යන්න අම්මෙ යන්න ...මං යනවා මට පරක්කු උනා..."
....... දැන් ඉතින් මුලු මුලු ගානේ රිංගුවා ඇති මා පුතේ..මගෙ ලේලි පොඩ්ඩ ඉක්මනට මේ ගෙදරට එක්කන් වරෙන්... උඹේ කරදරෙන් බේරෙන්න මට..
අම්මා හිනාවෙවී හයියෙන් කියවනවා....මට ඇහෙනවා .....
.....මෙච්චර කාලයක් අපි ආසාවෙන් බලන් හිටපු ඒ ලස්සන දවස උදා උනා..හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ ඉශිනි නංගි හැමදාටම මගේ උනා...නංගි ගොඩක් සතුටින්...
මොකද පිස්සියෙ...ඔය ඇස් වල කදුලුත් පුරෝගෙන..
මැට්ටෝ අද මට ගොඩක් සතුටුයි ..අද අපි දෙන්නගෙන හීනෙ සැබෑ උනා නේද
..... ..හම්ම්..ඔව් මගෙ මැට්ටියේ ...ඔයාව මේ වගේ ලස්සන සාරියකින් හැඩ කරලා ලස්සනම ලස්සන මනමාළියක් කරන මගෙ හීනේ අද සැබෑ උනා....." ආදරෙයි අයියෙ.... මාත් මැට්ටියේ ....
දැන් මගේනේ...මැට්ටිනේ...ආදරෙයිනේ...
..... හී...පිස්සා...
😘😘😘😘😘
..... හයියූ... කොන්ඩෙ පීරනවා දැන් පැයක් විතර...ඇති කොන්ඩෙකුත් නෑ...ඔය ලස්සන උනා ඇති ඉබ්බියේ...මොනා කරත් උපන් කැත වහන්න බෑ කියනවනෙ..
හී.....
මොකක්ද මැට්ටො කිව්වේ... මං කැතයි කිව්වා... ඉන්නවා අද කරන්නම් මං හොද වැඩක් ....... ආව් ආව් ....ආව්ව්ව් රිදෙනවා මැට්ටියේ ....දැන් කියනව බලන්න මෝඩයා ඉස්සරලා කියපු එක...මං කිව්වෙ මේ මගෙ මැට්ටි තමා මේ ලෝකෙ ලස්සනම කියලා
....කපටියා...දැන් බොරු කියන්ඩත් එනවා ...ආආ....ආව්ව් .....අනේ අතාරින්නකෝ ...
අහෝ!!! ගැත්තාට අනුපංකා කරන සේක්වා කුමරියනි .... ආව් සිදෙනවෝ...
ඔයා හලි නපුරෙක්.... මං තරහයි ..දුෂ්ටයා..මං කැතයි කිව්වා....
...අනේ සත්තලන් මං විහිලුවටනෙ කිව්වේ පැටියො ...කෝ මේ බලන්නකෝ... මගෙ ඇස් දිහා බලන්නකෝ.... මං ඔයාට බොරු කියලා තියෙනවාද මැට්ටියේ ..මගෙ ඇස් දිහා බලන්න...මගෙ ඇස් කියයි මං ඔයාට කොච්චර ආදරෙයි ද කියලා මැට්ටියේ ....ඔයා තමයි මගෙ මැණික ..ආදරෙයි මැට්ටියේ ..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්..😘.. මාත් මැට්ටෝ ...ගොඩක්ක්ක් ආදරෙයි ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්..😘
....සත්තලන් ..ම්ම්...මාව ඔයාගෙ ඔඩොක්කුවට ගන්නකො මැණික ...කෝ එන්නකො මගෙ අලි බබා...හික්ස් 😁 අනේ යනවා මෝඩි යන්න ..ඒ ඔලුව අත ගාන්නකො සත්තලන් ...නිමාඩුව ඈ...ආයී ආයී..නිමාඩුව පිස්සියෙ ..හා පිස්සො..
.....ම්ම්ම්....මැට්ටියේ මතකද ඒ දවස් වල මං මෙහෙම ඔයාට තුරුල් වෙලා ඉන්නවා ...ම්ම්.. ම්ම් ඔව් මැට්ටෝ ..ඒ කාලේ හරි ලස්සනයි නේද මැට්ටෝ ...ඇයි ඇයි දැන් ලස්සන නැද්ද ..අපෝ නපුරො.... කේන්ති ගන්නෙ මොකද ..දැන් ඊටත් වඩා ලස්සනයි .... මෝඩයා...
... මතකද මැට්ටියේ මං ඉස්සරලාම ඔයාගෙ අතින් අල්ලපු දවස...ම්ම්ම්.....අර ටෙක් එකෙන් ට්‍රිප් එක ගිය දවසෙනෙ... මතකයි මැට්ටෝ ....
එදා හිතුනා හැමදාම එහෙම ඉන්න.... ඉතින් දැන් මේ ඉන්නෙ මැට්ටෝ ..හැමදාමත් මෙහෙම මං ලගින්ම ඉන්න.හම්ම්....හැමදාමත් මැට්ටියේ .... මගෙ පන.😘
......... ...
ඒ මෝඩියේ මගෙ නහය අතාරින්නකෝ ....සිදෙනවෝ... ඔය කෙහෙල්මල් 4න් එක පැත්තකට දාලා මං කියන එක අහනවකො ..
....ම්ම්ම් කියන්නකෝ ....
දන්නවද මගෙ මැට්ටො.ඔයා දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ... හම්ම්ම්....ඈ මොකක්ද...ආයෙ කියන්න ඒ කියපු එක... ඔයා දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ මැට්ටෝ .....
... ඔය ඇත්තමද මැට්ටියේ ..ඔව් බබෝ... ගොඩක් ආදරෙයි රත්තරනේ ...මට ගොඩක් සතුටුයි ... ආදරෙයි පන.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්.😘😘😘...
අපේ ආදර ලෝකෙට තවත් ආදරේ අරන් දැන් තවත් අමුත්තෙක් එනවා ...මට දැනුන සතුට කියලා නිම කරන්න බෑ...
..... ආදරෙන් සතුටින් ගෙවුනු අපේ පුංචි කුරුලු කූඩුවට ඒ ආදරේ සතුට තවත් වැඩි කරමින් තවත් අමුත්තෙක් එකතු උනා..
ඒ තමා අපේ ආදරේ සංකේතය..මේ පුංචි පැටියා...දැන් අපේ ආදරේ තවත් ශක්තිය උනා...ආදරේ සතුට තව තවත් වැඩි උනා....මේ හැමදේම මට ලැබුනෙ මගෙ ආදරේ හින්දා ...මගෙ ඉශූ හින්දා ...ඒ ලස්සන හිනාව මට ගොඩක් සතුට ගේනවා..තාමත්...ඒ ආදරේට මං ආදරෙයි තාමත් ....හැමදාමත් ....
.....මගෙ සුදු මහත්තයො මොනාද මේ තනියම මුනු මුනු ගාන්නේ....ආ....ඒ මැට්ටෝ ...ආහ්...මොකද මැට්ටියේ කෑ ගහන්නෙ...මෙහ්...මං බබාව ලෑස්ති කරා ඔයා ස්කෝලෙට ගිහින් දාලා එන්න ඉක්මනට ...මං ඔයාටත් එක්ක කෑම හදලා තියන්නම්..ඉක්මනින් ගිහින් එන්න ...හරි මැඩම්...අනේ...පිස්සා...එහෙම කියලා යන්න හදපු ඉශිනිව මං අතින් අල්ලන් මගෙ ලගට ගත්තා..මේ මොකද මැට්ටෝ කවුරුහරි දැක්කොත්....ආ ....දැක්කම මොකෝ....ඔයා මගෙ වයිෆ් නෙ....මෝඩී...
...ආ එහෙමද මෝඩයො... මං දැනන් හිටියෙ නෑනෙ....එහෙනම් දැන් දැනගත්තනෙ....උම්මා එකක් දෙනවකො...අනේ යනවා යන්න පිස්සා...ඕන් දුන්නැත්තං මං තරහයි ආ...අනේ ...කෝ කෝ..
හම්ම්...කෝ ඉන්නවා මෝඩයා මගෙ...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම😘😘😘... ඇතිද..හම්මෝ ....මට කලන්තෙ වගේ.... ..හිකිස් ...පිස්සා..දැන් හොද පැටියා වගේ ස්කෝලෙට ගිහින් බබාව දාලා ඉක්මනට එන්න .මං ඔයාටත් එක්ක කෑම හදලා තියන්නම් ...අපි කමු..ම්ම්...උම්ම්ම්ම්ම්ම්ම්හ්😘....
මාත් පන ආදරෙයි ගොඩක්ක්..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ් 😘😘...
මං බබාව දාලා ඉක්මනට එන්නම්කො..
චූටී... ඉක්මනට එන්න ස්කෝලෙ යන්න පරක්කු වෙනවා පැටියො ...
..... " මේ එනවා තාත්ති..බායි අම්මි...බායි පැටියො ...උම්ම්ම්ම්ම්ම්ම්මා😘...
............දන්නවා ද මැට්ටො..ඔයා තමයි අද මේ මං විදින සතුටට හේතුව...මේ හැමදේම ඔයා හින්දයි පන..හැමදාමත් ආදරෙයි රත්තරනේ ...හැමදාමත් ... 💘
Writer - Nalindha lakshitha
lasanai machan oya wage ewa digatama liyapan
thank you kollo
nice work broo
Ela ela broo
Digatama dhapan machan
ela mchan
thanks machan